Raini Charuka Gunathilaka Songs Free Download



චංචල දෑසේ මයා ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා ආදරේ දීලා
මල් වගේ සිනහා ගේනා මුදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා හීන සාදනා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා නුඹ ඒදෝ පායාලා

නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා
නිල්වන් නෙතු යන්තම් ළග දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ආ ඔයා
නාවදාක හීන පාලු වී ගියා
ඊයේ වාගේ මා දෑතේ යාවිලා
සීතේ නෑවීලා නුඹ ඒදෝ පායාලා

සන්සුන් නැති සිත්තම් මගේ ඉක්මන් වෙනවා
ළංළං වෙනු ඇත්දැයි යළි පෙම්බස් දොඩනා
නෑසු ගීත සීත රෑක ගී කියා
කෝල දෑස ලෝල වේවී මා පෙළා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා නුඹ ඒදෝ පායාලා

ගායනය - රයිනි චාරුකා ගුණතිලක.

1 comment:

Anonymous said...

sithe navila oba ado payala....

Post a Comment